ívbar

මා දුටු භාවනා යෝගියෝ ( හත්වන පරිච්ඡේදය )

  වනගත භික්ෂුව සමඟ වාදයක්

​                                        ධර්ම ගවේෂකයෙකු තමාගේ හිතමිතුරන් තිදෙනෙකු ද සමඟ වනය වෙත පියමන් කළේ වනගත භික්ෂුවක් හමුවීමටය. ඒ ගමන ඉතාමත් දුෂ්කර විය. වරෙක ඇඟ මැන බලන, තවත් වරෙක හම සිදුරු කොට ලේ උරාබොන කූඩැල්ලෝය. තොරතෝංචියක් නැතුව එකම හඬින් කෑගසන රැහැයියෝය. කොළපාට ඇඳුමකින් ගත වසාගත්තා වූ ද, අලි පැටවුන් සේ දිස්වන්නා වූ ද, දියසෙවෙල් බැඳී ගිය ලිස්සන සුළු ගල් පර්වත මඟ හරවමින්, පාරට නැමී ඇති ගස් අතු අතරින් රිංගා යමින් ඉතා දුෂ්කරව එම ගමන යන්නට ඔවුන්ට සිදු විය. දුම් දමමින් පවතින අලි බෙටි කියා පෑවේ මේ මඟෙහි අලි ඇතුන් ගැවසෙන බවයි. එහෙත් එම ගවේෂකයා පෙර අසා තිබූ ආකාරයට අනුව සිරිපා අඩවියේ අලි ගැවසෙන්නේ නැත. අසා තිබීම වැරදි හෝ නිවැරදි විය හැකිය. නමුත් එම අදහස අද හරියටම නිරවුල් කරගන්නට ලැබුණේ ඒ අලුත් අලිබෙටි සහ ඔවුන්ගේ පා සලකුණු ඇස් පනාපිටම දැකීමෙනි.

​                                දුෂ්කර මාවත දිගේ ශිඛරයක් මතට නැඟ ගත් මේ පිරිසට අවසානයේ දී භාවනායෝගීව වැඩ සිටින භික්ෂුව හමුවිය. උන්වහන්සේ පැමිණි පිරිස ඉතා සතුටින් පිළිගත් අතර, පානය කිරීම සඳහා පැන් ඇති මැටි කලය ද, කෝප්ප කිහිපයක් ද ලබා දුන්හ. සිසිල් වූ ද, පිරිසිදු වූ ද ඒ පවිත්‍ර පැන් පොද ඔවුන්ගේ ගත සිත නිවා සැනසීමට පත් කළේය. ඉන්පසු මේ පිරිස යෝගී භික්ෂුවගේ සිහිපත් කිරීම මත වතුර උණු කර ගිලන්පස සකසා ස්වාමීන් වහන්සේට පිළිගන්වා, ඔවුන් ද කෝප්පයකින් සප්පායම් වූහ. ආගිය තොරතුරු කතා කරමින් වෙහෙස නිමා ගනිමින් ටික වේලාවක් රැඳී සිටි ඔවුහු, භික්ෂුව සමඟ ධර්ම සාකච්ඡාවට මුල පිරුවෝය.

​                               එම සාකච්ඡාව අතරතුර දී "සන්දිට්ඨික" යන වචනයේ අර්ථය කුමක්දැයි ඔවුහු විමසා සිටියහ. ස්වාමීන් වහන්සේ එය ඉතා පැහැදිලි කරමින් මෙසේ වදාළහ:

​                           "මහත්මයා, ධර්මය කියන්නේ තමන්ම අවබෝධ කරගන්න ඕනේ එකක්. වෙන කෙනෙක් අවබෝධ කරගත්තටම මගේ හිතේ කෙලෙස් නැති වෙන්නේ නැහැ. මම අවබෝධ කරගත්තොත් තමයි මගේ හිතේ කෙලෙස් නැති වෙන්නේ. ධර්මය මමම අවබෝධ කරගන්න ඕනේ, තමන්ම අවබෝධ කරගන්න ඕනේ. ඒකයි මහත්තයා සන්දිට්ඨික කියල කියන්නේ. 'සං' කියන්නේ තමන් විසින්ම, 'දිට්ඨිකෝ' කියන්නේ දැකිය යුතුයි. මහත්තයා, ඇස් වලින් දැකිය යුතුයි කියන එක නෙමෙයි, ධර්මය දකින්න ඕනේ මනසින්. මනසින් කිව්වට නුවණින්, ප්‍රඥාවෙන් දකින්න ඕනේ."

​                    මේ අතරතුර ධර්ම ගවේෂක මහත්මයා අමුතුම තර්කයක් ඉදිරිපත් කළේය:

             ​"ස්වාමීනී, බුදුරජාණන් වහන්සේ අසූහාරදාහක් ධර්මස්කන්ධය දේශනා කරලා තිබෙනවා. ඔබ වහන්සේ කියන විදිහට අපි අසූහාරදාහක් ධර්මස්කන්ධයම ඉගෙන ගන්නේ නැතුව, හෝ ඉගෙන ගෙන ඒ හැම එකක්ම තමන්ම අවබෝධ කරගත යුතුද?"

​               "නැහැ මහත්තයා, පටලවා ගන්න එපා, වරද්දා ගන්න එපා. සන්දිට්ඨික කියන ගුණය කතා කරන්නේ දේශිත ධර්මය තුළම නෙමෙයි. යම් ප්‍රමාණයකට දේශිත ධර්මය තුළත් සන්දිට්ඨික ගුණය තියෙනවා. ඒ වුණාට මහත්තයා, මේක ගැන ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ අටුවාවට අනුව නව ලෝකෝත්තර ධර්මය මුල් කරගෙනයි. අටුවාවේ ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා 'නවවිධෝපි ලෝකුත්තරධම්මෝ සාමං දට්ඨබ්බෝති සන්දිට්ඨිකෝ' කියලා. නව ලෝකෝත්තර ධර්මය තමා විසින්ම දැකිය යුතු බැවින් සන්දිට්ඨික වන බවයි එයින් දක්වා තිබෙන්නේ."

                                            තවත් කොටසක් සමගින් නවත හමුවෙමු.


                                                                                                         දොලොස්වල උදිතධීර හිමි.

video

කලවානේ සංගාමජි හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...
දොලොස්වල උදිතධීර හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...
මීපාගම සංඝරතන හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...

මා දුටු භාවනා යෝගියෝ ( හත්වන පරිච්ඡේදය )

  වනගත භික්ෂුව සමඟ වාදයක් ​                                        ධර්ම ගවේෂකයෙකු තමාගේ හිතමිතුරන් තිදෙනෙකු ද සමඟ වනය වෙත පියමන් කළේ වනගත භි...