ívbar

මා දුටු භාවනා යෝගියෝ ( පස්වන පරිච්ඡේදය )

        මාර්ගඵල ලැබිය හැකි ත්‍රිහේතුක උපත

                          ​දිනක් අප කථානායක යෝගී භික්ෂුව සමීපයට, තරුණ වයසේ පසුවන ළාබාල සාමණේර හිමිනමක් පැමිණියහ. උන්වහන්සේ යෝගී භික්ෂුව වෙත පැමිණ තමන් තුළ තිබූ ධර්මානුකූල පැනයක් මෙසේ විමසා සිටියහ:

                            ​"ස්වාමීනී, මාර්ගඵල අවබෝධ කිරීමට නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් (අලෝභ, අදෝස, අමෝහ යන කුසල් මුල් තුන සහිත උපතක්) තිබිය යුතුයි. අභිධර්මයට අනුව කිව්වොත්, සෝමනස්ස සහගත ඥානසම්පයුත්ත අසංඛාරික සිතකින් හෝ සසංඛාරික සිතකින් උපත ලබා තිබිය යුතුයි. නැතහොත්, උපේක්ඛා සහගත ඥානසම්පයුත්ත අසංඛාරික සිතකින් හෝ සසංකාරික සිතකින් ඉපදී තිබිය යුතුයි. ස්වාමීනී, ඇත්තටම මට මෙලෙස මාර්ගඵල ලබන්න පුළුවන් ත්‍රිහේතුක උපතක් තියෙනවද නැද්ද කියලා මම කොහොමද දැනගන්නේ?"

​     එවිට යෝගී භික්ෂුව සාමණේර හිමිනමට මෙසේ පිළිතුරු දුන්හ:

​"ආයුෂ්මතුනි, ඕක දැනගන්න නම් බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ. නැත්නම් සිත දියුණු කරගෙන අනුන්ගේ සිත් දකින්න පුළුවන් චේතෝපරිය ඤාණය තියෙන උත්තම භික්ෂුවකගෙන් අහන්න ඕනේ."

​           එවිට සාමණේර හිමිනම, "ස්වාමීනී, ඒ විදිහට අහන්න පුළුවන් කෙනෙක් මට තවම මුණගැහිලා නැහැනේ," යැයි පැවසූහ.

​    "එහෙනම් ආයුෂ්මතුන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි."

        ​"මොකක්ද ස්වාමීනී?"

                                  ​"පොඩි ආයුෂ්මතුන් හොඳට භාවනා කරන්න. හැබැයි ආවාට ගියාට භාවනා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා 'අනුපුබ්බේන පරිචිතා' කියලා පිළිවෙළින් භාවනා කළ යුතුයි. 'යථා බුද්ධේන දේසිතා' බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහටම භාවනා කළ යුතුයි. එහෙම බුද්ධ දේශනාවට අනුව, කල්‍යාණ මිත්‍ර ගුරුවරයෙකුගෙන් භාවනාව නිවැරදිව ඉගෙනගෙන භාවනා වඩන විට, යම් දවසක හිතේ ටික වෙලාවකට හරි හොඳට සමාධිගත වුණොත්, එදාට තේරුම් ගන්න 'මට ත්‍රිහේතුක උපතක් තියෙනවා' කියලා. ඒ වගේම උත්සාහ කළොත් මාර්ගඵල ලබන්න වුණත් වාසනාව මට තියෙනවා කියලා එදාට තේරුම් ගන්න."

​                යෝගී භික්ෂුව ලබා දුන් පිළිතුර එපමණකි. මෙම සත්‍ය සිදුවීමට ද මා විසින් අතිරේක වශයෙන් කිසිදු අදහසක් එකතු නොකරන අතර, මේ පිළිබඳව වැඩිදුර කිසිවක් ලියන්නට ද බලාපොරොත්තු නොවෙමි.

                                                     තවත් කොටසක් සමගින් නවත හමුවෙමු.


                                                                                                  දොලොස්වල උදිතධීර හිමි.

video

කලවානේ සංගාමජි හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...
දොලොස්වල උදිතධීර හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...
මීපාගම සංඝරතන හිමි
දේශනාව ලෝඩ් වෙමින්...
විස්තරය ලෝඩ් වෙමින්...

මා දුටු භාවනා යෝගියෝ ( හත්වන පරිච්ඡේදය )

  වනගත භික්ෂුව සමඟ වාදයක් ​                                        ධර්ම ගවේෂකයෙකු තමාගේ හිතමිතුරන් තිදෙනෙකු ද සමඟ වනය වෙත පියමන් කළේ වනගත භි...